ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
අනුර දිසානායක ජනාධිපති වීම තුළින් රට අස්ථාවර වන බව ජනාධිපතිවරයා හොඳට ම දන්නා බවත් ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ ජන අරගලයකින් ජනාධිපති ධූරයෙන් ඉවත් කළ ආකාරයේ මෙහෙයුමක් මගින් අනුර දිසානායක ද ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බවත් හෙතෙම හෙළි කළේය.
අනුර දිසානායක ජනාධිපති ධූරයේ අසාර්ථක වූ පසු රනිල් වික්‍රමසිංහ රට ගොඩගත් ආකාරය රටේ ජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයේ ක්‍රියාදාමයක් සිදුවන බව ද ඒ අනුව රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත්වන බව ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීය.
එහෙත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් මෙම ක්‍රියාදාමය සිදුනොවන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳ හැටි දන්නා බව ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.