බයේ පළා නොයා විවාදෙට එනු… ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්නේ නෑ…! – සජිත්…

April 11, 2024 at 7:54 pm | by emanisa.lk

කලිසම කමිසය බෙල්ට් එක පවා යාළුවන්ගෙන් ඉල්ලා ගෙන අඳින කණ්ඩායම ජනතාවට බඩු බෙදන්නේ යැයි චෝදනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ, මේ ආකාරයට අනුන්ගෙන් කාලා ඇඳලා ඉන්න පිරිසක් බංකොලොත් වැටුණු රටක් ගොඩගන්නේ කෙසේ ද යන්නයි.

ඒ පිළිබඳ වාද විවාද කිරීමට තමන් ඕනෑ ම අවස්ථාවක සූදානම් බවත් බිය නැතිව දන්න භාෂාවකින් විවාදය සඳහා පැමිණෙන ලෙසත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාව සමග එකතු වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *