සජිත්-අනුර: අභියෝගය භාර නොගත්තේ ඇයි කියලා විවාද කරනු…! 

April 10, 2024 at 1:19 pm | by emanisa.lk

මේ වන විට රටේ ජනතාව අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන ආකාරය ඕනෑම නගරයකට ගිය විට දැකගත හැකි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ජනාධිපතිවරයා අභියෝග භාර ගැනීමත් සමග ජනතාවට අනාගතය ගැන විශ්වාසයක් ඇති වූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙයින් මේ අවස්ථාවේ විවාද කළ යුත්තේ තමන් අභියෝගය භාර නොගත්තේ ඇයි ද යන්න පිළිබඳ බවයි, ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

රට ගැන නොව හුදෙක් බලය ලබා ගැනීම පමණක් ගැන සිතා කටයුතු කරන රැලිවලට හසු වුවහොත් නැවතත් රට අමාරුවේ වැටෙනු ඇතැයි ද ඇමැතිවරයා අනතුරු ඇඟවීය.

ඔහු මේ බව කීවේ, මෝදර රන්දිය උයන නිවාස පරිශ්‍රය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *