විකල්ප අපේක්ෂකයෙක් රටට ඕන… රනිල් සජිත් අනුර තුන්කට්ටුවම විදෙස් රූකඩ…! – වසන්ත බණ්ඩාර…

April 8, 2024 at 4:04 pm | by emanisa.lk

අරගලය පිටුපස සිටි අයගේ අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම නොව ඔහු මරා දමා ලිබියානු පන්නයේ අන්තර්කාලීන ආණ්ඩුවක් තැනීම බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

එය අසාර්ථක වූ අවස්ථාවේ කතානායකගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩලයක් යටතේ රට පාලනය කිරීමට සැලසුම් කළ බව ද හෙතෙම කීය. ඊට එකඟ නොවීම පිළිබඳ කතානායකවරයාට ස්තූති කළ යුතු බව ද වසන්ත බණ්ඩාර සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම ඔවුන්ගේ තෙවන සැලසුම වූ බව ද වසන්ත බණ්ඩාර අනාවරණය කළ අතර මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් තිදෙනාගෙන් කවුරු ජයග්‍රහණය කළ ද එම සැලසුම ඉදිරියට දියත් කිරීමට හැකි බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *