සජබ හසුරුවන්නේ පොහොට්ටුවෙන් එළවපු අය…! – ජනපති…

April 8, 2024 at 10:40 am | by emanisa.lk

සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමක් විසින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (08) වන විට සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *