දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයක් සමග එක්ව ගමනක් යාමට තමන් සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
“අපි ජනතා විමුක්ති පෙරමුණ සමග පමණක් නෙවෙයි, අපි කාත් එක්කත් එකතුවෙලා ගමනක් යන්න කැමතියි. අපේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගෙන ඒ වගේ ගමනක් යන්න ලෑස්ති වෙන කාත් එක්කත් අපි ඒ ගමනට සූදානම්.
ජනතා විමුක්ති පෙරමුණ එක්ක විතරක් නෙවෙයි සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඉදිරිපත් වෙන කවුරු වුණත් ඒ ඉදිරිපත් වෙන අයත් එක්ක අපි සාකච්ඡා කරනවා තමයි.”
එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැත්වූ රැස්වීමකට එම්. ඒ. සුමන්දිරන් මහතා ද සහභාගී වී සිටි අතර මාධ්‍යවේදීන් විමසා සිටියේ ඒ ගැන ය.