සමගිය අසමගි වෙයි… තිස්ස තලතා ගිය පාරේ.. මාධ්‍ය කැඳවයි..!

April 6, 2024 at 5:19 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කනස්සල්ල පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය බිහිකිරීමේදී පක්ෂ ජ්‍යේෂ්ඨයින් නිසි පරිදි දැනුම්වත් කරන්න නොමැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ අද (06) පැවති මාධ්‍ය හමුවකදීය.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ද මීට දින කිහිපයකට පෙර මෙම චෝදනාවම එල්ල කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *