නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්විය.
එම මන්ත්‍රීවරුන් 06 දෙනා වෙන වෙනම සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.
මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මෙලෙස සමගි ජන සන්ධානයට එක්වී ඇත.
නිදහස ජනතා සභාවේ මහාචාර්ය චන්න ජයසුමන ද සමගි සන්ධානයට එකතු වීමට සූදානම් වුව ද සමගි සන්ධානයේ රවූෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් ඊට දැඩි විරෝධය පා ඇතැයි මෙයට පෙර වාර්තා විය.