ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු නොවූ බවත් එම සොරකම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂුවක් ගම්පහ, යක්කල පොලිසිය වෙත භාර වී තිබේ.
මෙම භික්ෂූන් වහන්සේ ඊයේ (04) පොලිසියට පැමිණියේ සිය මව ද කැටිවය.
ඒ අනුව මෙම භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම්වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් හෝ සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂුව පාපෝච්චාරණය කර තිබේ.