පොහොට්ටුව සහ ජනපති මැදට එයි.. මැතිවරණ දෙක ම එක දිනක…?

April 3, 2024 at 7:47 pm | by emanisa.lk

ජනාධිපතිවරයාට උවමනා ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු පාර්ලිමේන්තු බලය හීනවිම වැළැක්වීම සඳහා මහා මැතිවරණය නොපවත්වා සිටීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

එහෙත් බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් මහා මැතිවරණයෙන් පොදුජන පෙරමුණට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර මහා මැතිවරණය පැවැත්වීම බව ද ගම්මන්පිල සඳහන් කරයි.

මේ අනුව දෙපාර්ශ්වයේ ම අවශ්‍යතා ඉටුවන ආකාරයට එකම දිනයක ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සාකච්ඡා කරමින් ඇති බවයි, ඔහු අනාවරණය කළේ.

ඒ සඳහා ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නැතැයි ද පිවිතුරු හෙළ උරුම නායක උදය ගම්මන්පිල පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *