හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළාය.
කිසිවෙකුට එල්ල වන චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඔහු හෝ ඇය හෝ වැරදිකරු නම් අත්අඩංගුවට ගැනීම රටේ නීතිය වුව ද මෙහි දී සිය පියා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවටයි, ඇය චෝදනා කළේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස එහි දී ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.