ඇමරිකානු පාළමක ගැටුණු ලංකාවේ නැව මෙන් ආණ්ඩුව ද පාළමක හැපෙන දිනය වැඩි ඈතක නොවේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
රාජපක්ෂ මන්ත්‍රීවරුන් සාක්කුවේ දමා ගෙන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කලිසම කඩා වැටෙන්නට තරම් බර වී ඇතැයි ද හෙතෙම කීය.
මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසන්නේ සාක්කුවේ රාජපක්ෂ මන්ත්‍රීවරුන් සිටිය ද ඡන්දදායකයන් රනිල් වික්‍රමසිංහ සමග නැතැයි ද නලීන් බණ්ඩාර වැඩි දුරටත් කීය.
සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.