ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීරණ ණය ගිවිසුම් එකඟතා වෙනස් කරන බව කියන කිසිවෙකුට මෙරට සති දෙකක්වත් ආණ්ඩු කළ නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
රටක් ගිවිසුම් ඇති කර ගන්නේ පුද්ගලයෙකු ලෙස නොව ආණ්ඩුවක් ලෙස බවත් එම එකඟතාවලට අනාගත ආණ්ඩු ද බැඳෙන බවත් ඇමැතිවරයා කීය.
කිසිවෙකු එම එකඟතා තමන්ට උවමනා ආකාරයට වෙනස් කළ හැකි යැයි පවසන්නේ නම් එය මෝඩකම බවයි, ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
මෙවැනි ප්‍රකාශ නිසා එම කණ්ඩායමට උද්ඝෝෂණ පිකටිං මෙන් ම ප්රචණ්ඩත්වය ද දියත් කළ හැකි වුව ද රටක ආණ්ඩු කළ නොහැකි බව ජනතාවට තේරුම්ගත හැකි බව ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.