අපි රට දියුණු කරද්දි ෆේස්බුක් මල්ලිලා “ඒ මොනවා වුණත් අපි මාලිමාවට” කියනවා..! – මනූෂ…

July 24, 2023 at 1:28 pm | by emanisa.lk

මේ වන විට මාලිමාවේ රැල්ල පුස්ස බින්දා මෙන් අවසන්ව ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

තම ආණ්ඩුව අවුරුද්දක් ඇතුළත රට ගොඩදැමූ බවත් මේ වන විට රට දියුණුවේ මාවතේ ඉදිරියට යන බවත් සඳහන් කළ ඇමැතිවරයා, ෆේස්බුක් මල්ලිලා ඒ මොනවා වුණත් අපි මාලිමාවට යැයි කෑ ගසන බවත් කීය.

මුලින් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව ප්‍රකාශ කළ අනුර දිසානායක, අනතුරුව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ කොන්දේසි අනුව වැඩ කළ යුතු බව යැයි ද මනූෂ නානායක්කාර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *