ශ්‍රී මහා බෝධිය රකින පොලිස් නිලධාරීන්ට සුදු පැහැ නිල ඇඳුම්…!

March 26, 2024 at 9:24 am | by emanisa.lk

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස්දෙනකුට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම ඊයේ (25) සිදු කෙරිණි.

මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරි ආරම්භ කළ පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්ට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් බැඳ ආශිර්වාද කළහ.

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි.

මෙම අවස්ථාවට උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. සී. එල්. ආර්. කේ. බී. වෑත්තෑව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *