ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කරසිටියේ අද (25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙිදීය.
2024 ජනවාරි 1දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රුපියල් 303 දක්වා පහත වැටුණ බව පැවසූ ගම්මන්පිළ මහතා, ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බව නමුත් එය සත්‍ය වසන් කිරිමක් යැයිද කීය.
ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටිමට ප්‍රධාන හේතු දෙකක් බලපාන කී හෙතෙම පළමු හේතුව අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි වීම යැයිද දෙවැන්න ආනයන අඩු වි ඩොලර් ඉල්ලුම පහත වැටීම යැයිද කීය.