මත්පැන් නිෂ්පාදනය පහළ යද්දි… බදු ආදායම 38%කින් ඉහළට…!

March 25, 2024 at 9:43 am | by emanisa.lk

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි.

“මිල වැඩිවීම හරහා නිෂ්පාදනය සෑහෙන්න අඩුවෙලා තියෙනවා. 2023 වසරේ ජනවාරියේ නිෂ්පාදනය එක්ක ගත්තහම මේ අවුරුද්දේ ජනවාරියේ නිෂ්පාදනය ලීටර් 657,000ක් අඩුවෙන් තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

එහෙම තියෙද්දිත් අපිට පුළුවන් වුණා 2023 පෙබරවාරි මාසය එක්ක සංසන්දනය කළාම 38%ක ආදායමේ වර්ධනයක් ලබාගන්න. මාර්තු මාසයේදීත් අපි බලාපොරොත්තු වෙනවා 30%ක විතර වර්ධනයක්.”

එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි වැඩි දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *