උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් වෙන ම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් ඇතැයි සී.වී විග්නේශ්වරන් පවසයි.
දෙමළ ජාතික ජනතා සන්ධනයේ නායක විග්නේශ්වරන් පවසන්නේ තවමත් ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
එසේ ම ඉදිරිපත් වන හොඳම අපේක්ෂකයාට සහාය දීමට ද සාකච්ඡා වන බවත් උතුරේ ජනතාවට අනුර දිසානායකගෙන් පලක් නැති බවත්ඔහු සඳහන් කළේය.
තමන් එහි දී රනිල් වික්‍රමසිංහ කෙරෙහි බලාපොරොත්තු තබන බවත් දෙමළ ජනතාවට යමක් නොලැබුණ ද ඔහු රට දියුණු කරනු ඇති බවත් විග්නේශ්වරන් වැඩි දුරටත් කීය.