රිමාන්ඩ් බාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගත් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ සඳහා යොදා ගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙලෙස රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ළමුන් හැර රැඳවියන් ප්රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කොන්දේසි පනවා තිබේ.
එම කොන්දේසි උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.