අලුත් ව්‍යපාර දස ලක්ෂයක් ආරම්භ කරනවා..! – සජිත්…

March 12, 2024 at 11:15 am | by emanisa.lk

නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

ඒ තුළින් ආර්ථික වර්ධනය වී මුදල් සංසරනය වැඩි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ 10දා දැදිගම පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *