නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
ඒ තුළින් ආර්ථික වර්ධනය වී මුදල් සංසරනය වැඩි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ 10දා දැදිගම පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.