රට ස්ථාවර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී තවත් පිරිසක් ඊට බාධා කරමින් සහ රට අස්ථාවර වනු දැකීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.
මුස්ලිම් ජනතාවට ඇති ගැටලු තමන් විසඳා දෙන බව ද හිත් වේදනා ඇති නොකරගන්නා ලෙස ද රජයෙන් මුස්ලිම් ජනතාවට සිදුවිය යුතු දේවල් ඉටු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.