ජනාධිපතිගේ වැල් පාලමෙන් එගොඩ වුණේ රාජපක්ෂ හොර නඩේ විතරයි.. ජනතාව අපායේ දුක් විඳිනවා..! – සජිත්…

March 7, 2024 at 9:43 am | by emanisa.lk

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවේදී උතුම් බුදු වදන් උපයෝගී කර ගෙන තමන් යන අදූරදර්ශී ගමන ප්‍රත්‍යක්ෂ කරන්න ලොකු උත්සාහයක නිරත වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු කතාවක් සිදු කරමිනි.

රටට දේපල සම්පත මුදල් විදේශ විනිමය අහිමි කර ඒවා නැවත අපේ රටට ලබා නොගෙන සිටින්නේ, අපායේ නිර්මාතෘවරුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුව තුළ 134ක වරමක් ලබා ගෙන හොරුන්ගේ වරමින් ජනාධිපති තනතුරට පැමිණ හොරුන්ගෙන් යැපෙන්නේ වත්මන් ජනාධිපතිවරයා බවත් හෙතෙම සඳහන් කරයි.

වැල් පාලමෙන් රට විනාශ කළ රාජපක්ෂවරු ප්‍රමුඛ හොරු කණ්ඩායම එගොඩ වී ඇති බවත් රාජපක්ෂවරු නිර්මාණය කළ අපාය රනිල් රාජපක්ෂ ආණ්ඩුව තව දුරටත් පුළුල් කර ජනතාවගේ ජන ජීවිතය දිගින් දිගටම විනාශ කරන බවත් ඒ තුළ ලක්ෂ 220 ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *