ජාතික ජන බලවේගයේ ආර්ථික, අධ්‍යාපන සහ කෙටිකාලීන යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන තුනක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
එහි අධ්‍යාපන ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කරුණු 1981 ධවල පත්‍රිකාවට සමාන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සමයේ ක්‍රියාත්මක කළ සම්පූර්ණ වැඩපිළිවෙළ ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්රකාශනයෙහි ඇති බව ද වරුණ රාජපක්ෂ සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ වමේ ආර්ථික ප්‍රතිපත්තිය නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු වී.අයි. ලෙනින් බවත් එම වැඩපිළිවෙළ හොඳින් ම දන්නේ රනිල් බවත් හෙතෙම වැඩි දුරටත් කීය.
ජාතික රූපවාහිනියේ කරට කර වැඩටසහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.