මහ බැංකුව පඩි වැඩිකර ගත් බව ජනපති දන්නෙත් නෑ..!

March 5, 2024 at 9:00 am | by emanisa.lk

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ වැටුප් වැඩිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබිණි.

එහිදී අදාළ වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ද අදාළ වැටුල් වැඩිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කර ඇති අතර එහිදී මහබැංකු නිලධාරීන් ලබාදුන් පිළිතුරු පිළිබඳව අමාත්‍යවරුන් සිය අප්‍රසාදය පළකර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම තමාව ද දැනුවත් නොකර සිදුකර ඇති බවට එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ද අදාළ සිදුවීමට සිය විරෝධය පළකර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නොමැති බැවින් රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස මහ බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *