අපි පඩි වැඩි කර ගත්තේ වෘත්තීය සමිතිවලින් අහලා..! – මහ බැංකුව..

February 25, 2024 at 6:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකළ බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසයි.

ඒ් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍ය, ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුම්වත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එම නිවේදනයේ සඳහන් ය.

මේ අතර මුදල් බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් වැටුප් වැඩි කිරීම උදෙසා පාර්ලිමේන්තු අනුමැතිය උවමනා බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *