පසුගිය මැයි 09 අරගල සමයේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් බොහොමයක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඒ බොහෝ දෙනෙකු පොදුජන පෙරමුණු නායකයින් සමග සමීප දේශපාලන හිතවත්කම් පැවැත් වූ පිරිස් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා මගින් තහවුරු කරගත හැකි බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එහෙත් එම සත් යටපත් කරමින් සිය පාක්ෂිකයන් විසින් එම ගිනි තැබීම් සිදු කළ බවට මතයක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සහ කරන බවට ඔහු චෝදනා කළේය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ 88-89 මෙන් ම මැයි 09 ප්රචණ්ඩත්වය ද ඇතුළත් කොට ජනතා විමුක්ති පෙරමුණ තවමත් ප්රචණ්ඩත්වය අතහැර නොමැති බවට ප්‍රචාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද අනුර දිසානායක අනාවරණය කරයි.
ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.