පඩි අවනඩුව අහන්න මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවයි..!

March 3, 2024 at 12:35 pm | by emanisa.lk

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම පිළිබඳ කරුණු විමසීමට මහ බැංකු නිලධාරීන් එළඹෙන පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එළැඹෙන 5 වන දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිලධාරීන් කැඳවනු ඇත.

පාර්ලිමේන්තුව එළැඹෙන 5, 6 සහ 7 යන දිනවලදී රැස්වීමට නියමිත ය. මහ බැංකු වැටුප් වැඩිකිරීම අසාධාරණ බවට පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී පක්ෂ විපක්ෂ සියලු දෙනා ම අදහස් දැක්වීය.

මහ බැංකු නිලධාරීන් වහා ම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එහි දී කතානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *