කතානායක ව්‍යවස්ථාව කඩලා..! විපක්ෂයෙන් විශ්වාසභංගයක්..!

February 26, 2024 at 3:09 pm | by emanisa.lk

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

එම පක්ෂය පෙන්වා දෙන්නේ කථානායකවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිස විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබේ.

එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන්ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව මෙහි සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *