වෙළෙඳපොළේ ඇති කීරි සම්බා හිඟය තනිකරම මවාපෑමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසයි.
“මේක තනිකරම මාෆියාවක්. කීරි සම්බා මිල පහත බැහැලයි තියෙන්නේ. වෙළෙද සැල්වල කීරි සම්බා නැති වුණාට මහා පරිමාණ මෝල් හිමියන්ගේ මෝල් පරීක්‍ෂා කරලා බැලුවොත් හංගාගෙන තියෙන කීරි සම්බා හොයාගන්න පුළුවන්.”
කීරි සම්බා වී කිලෝවක් ගොවීන්ගෙන් මිලට ගනු ලබන්නේ රුපියල් 125 -140 ත් අතර මිලකට බව ද හෙතෙම කීය.