කීරි සම්බා හිඟය මෝල්ලුන්ගේ වැඩක්..!

September 29, 2023 at 11:58 am | by emanisa.lk

හාල් මෝල් හිමියන් ගබඩාකර තිබෙන කීරි සම්බා වැඩි මිලට ගැනීම තොග වෙළෙඳුන් ප්‍රතික්‍ෂේප කර තිබෙන නිසා රට පුරා කීරි සම්බා හිඟයක් පවතින බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.

මෙම හාල් මෝල් හිමියන් සෑම වසරකම හාල් වැඩි මිලට විකිණීම සඳහා සැලසුම් කරන බව කී වෙළෙඳ ඇමැතිවරයා, හාල් මෝල් හිමියන්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව ලබන සතියේ පියවරක් ගැනීමට තීරණය කළ බව ද සඳහන් කරයි.

හාල් මෝල් හිමියන් වෙතින් තොග වෙළෙඳුන් වැඩි මිලට හාල් මිලදී ගනු ලැබුවහොත් එම වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය ගනු ලබන තීන්දු තීරණ නිසා ඔවුන් අමාරුවේ නොවැටී සිටීම සඳහා වැඩි මිලට කිරී සම්බා මිලට ගැනීමට අකමැතිවී ඇතැයි ද වෙළෙඳ ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *