ලෙල්ලම හෙවත් මීගමුව ධීවර වෙළඳ මාධ්‍යස්ථානය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සිය භාරයට ගත්තේ සිය පෞද්ගලික ලාභය පිණිස නොවන බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.
මීට අදාළ නඩුව 2008 වසරේ දී පැවරුවේ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා බවත් එහි අරමුණ ලෙල්ලමේ ප්රතිලාභ වැඩි ධීවර පිරිසකට ලබා දීමත් බවත් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.
මෙම දේපළ තෑගි ඔප්පුවක් මගින් පිටිපන ධීවර සමිතියට පැවරුව ද අදාළ කොන්දේසි කඩකළ නිසා එය නීති මාර්ගයෙන් නැවත පවරා ගැනීමට කටයුතු කළ බවයි, මාධ්‍ය ප්‍රකාශයක පියතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
ලෙල්ලම නැවත පවරා ගැනීමට එරෙහිව ඊයේ අගරදගුරු නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධයට ප්‍රතිචාර දැක්වීම සඳහා අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සිරිල් ගාමිණී පියතුමා මේ බව කීය.