සජිත්ට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් උසාවියේ..! වාරණ නියෝගයකින් සභාපති පුටුව බේරගනී..!

February 19, 2024 at 11:51 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති අතර එම නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *