රාජ්‍ය ඖෂධ සංස්ථාව ගිනි ගාණට බෙහෙත් විකුණයි…! එක බෙහෙතින් සියයට අසූවටත් වඩා ලාභ ගනී..!

February 18, 2024 at 10:05 am | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධවල මිල නියම කිරීමේදී සංස්ථාව අති විශාල ලාභයක් ලබාගන්නා බව රජයේ කාරක සභාව (කෝප්) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණය අනුව ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවා අලෙවි කරන බෙහෙත් වර්ගවලින් 26% සිට 81% ක් දක්වා ඉතා විශාල ලාභයක් ලබාගනී. මෙම මිල නිෂ්පාදන වියදමට වඩා බෙහෙවින් අධික බව ද එම වාර්තාව වැඩි දුරටත් කියයි.

මෙලෙස අධික ලාභ සහිතව බෙහෙත් අලෙවි කිරීම පිළිබඳව සංස්ථාවේ මතය කෝප් සභාව විමසූ විට ඖෂධ නිෂ්පාදන සංස්ථාව දැනුම් දී ඇත්තේ මෙම ඖෂධවලට සමාන තරගකාරී සෙසු ඖෂධවල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඖෂධ සංස්ථාව විසින් නියම කරන ලද මිලට එකී ඖෂධ වර්ග මිලට ගැනීම පාරිභෝගිකයන්ට වාසි සහගත බවය. ඒ අතර

සංස්ථාව තම නිෂ්පාදනවලින් ඉතා ඉහළ ලාභයක් ලැබෙන පරිදි මිල නියම කර ඇති බව පිළිගෙන ඇති අතර මෙම ඖෂධවලට සමාන තරගකාරී සෙසු ඖෂධවල මිල ගණන් ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඖෂධ සංස්ථාව විසින් නියම කරන ලද මිලට එකී ඖෂධ වර්ග මිලට ගැනීම පාරිභෝගිකයන්ට වාසි සහගත බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *