මෙතෙක් කල් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අකමැති වූ පිරිස් දැන් ඊට කැමැති වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම කුමන්ත්‍රණයේ අරමුණ මාලිමා ආණ්ඩුවක් පත්වීම වැළැක්වීම බවයි.
මේ වනි විට ජාත්‍යන්තරය ද මේ රටේ ජනවරමක් සහිත පාලනයක් බලයට පත්වන තුරු බලා සිටින බවයි, නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.
පස්ස දොරෙන් බලයට ආ ජනාධිපතිවරයෙකු සමග කටයුතු කිරීමට ලෝකය අකමැති බව ද හෙතෙම වැඩි දුරටත් කීය.