ඥානසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව අයදී..!

February 16, 2024 at 5:14 pm | by emanisa.lk

තමන් වහන්සේ විසින් කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන අතර මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ඊයේ (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ විත්තිකූඩුවේ සිට එහිමියන් මෙලෙස ප්‍රකාශ කළේ ය.

මෙම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ දින අවසන් වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ලබන මාර්තු මස 28 වැනි දින ලබාදෙන බවට විනිසුරුවරයා නියම කළේ ය.

නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග නීතිඥ සංජය ආරියදාස විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.

පසුගිය 2016 වසරේ මාර්තු මස 30 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් වන අයුරින් ප්‍රකාශයක් සිදු කළේ යැයි නීතිපතිවරයා විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර කරනු ලැබ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *