ඔයාලට අනාගතයක් හදන්න මට ජාත්‍යන්තරෙන් හිඟා කන්න වුණා…! – ජනපති…

February 14, 2024 at 2:00 pm | by emanisa.lk

දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැත් වූ පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

“2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපි දන්නවා මෙතෙන ඉන්ධන පිරවුම්හල ළඟ තිබුණ දේවල්. විදුලිබලය තිබුණේ නෑ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලනවා. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ.

මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අය අත උස්සන්න කිව්වොත් කවුරුත් අත උස්සන්නේ නෑ. ඒක වුණේ අපේ කාලේ. ඔයාලා ශිෂ්‍යයින් වෙලා ඉන්න කාලේ.

මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේ දී මෙය නොවෙන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න. ආපහු වැඩිහිටි වුණාම තෙල් හොයාගෙන යන්න වැඩක් නෑ. රැකියා නැතිවෙන්න වැඩක් නෑ. ඒ ඔක්කෝම නැතුව ශක්තිමත් ආර්ථිකයක් හොයලා දෙන්න මේක ඉදිරියට යන්න.

අපිට මේ කාලේ රටවලින් සල්ලි ඉල්ලන්න වුණා. මම අකමැත්තෙන් හෝ ගිහින් හිඟාකෑවා. ඔබට අනාගතයක් ලබලා දෙන්න. මම හිතන්නේ නෑ ඔබලා වැඩිහිටියන් වූ සමාජයක ආණ්ඩුව ගිහින් හිඟාකනවාට ඔබ කැමති වන එකක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *