ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිසේත් පරාජයට පත්වීමට මැතිවරණ නොතබන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේග විධායක මණ්ඩල සභික අජිත් පී. පෙරේරා පවසයි.
ඔහු අවසාන මොහොත දක්වා සියලු උපක්‍රම යොදනු ඇතැයි ද ලෙහෙසියෙන් බලාපොරොත්තු අත් නොහරින බව ද හෙතෙම සඳහන් කරයි.
අන්තිම අවස්ථාවේ ලෝක විනාශය සිදු වී හෝ සිය ප්‍රතිවාදීන්ට යමක් වේයැයි රනිල් වික්‍රමසිංහ බලා සිටිනු ඇතැයි ද ඔහු කීය.
කෙසේ වුව ද අවසාන මොහොතේ ඔහු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වනු ඇත යන්න තමන්ගේ අදහස බවයි, අජිත් පී. පෙරේරා සඳහන් කළේ.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.