රනිල් කවදාවත් පරදින්න ඡන්ද තියන්නේ නෑ…! – අජිත් පී. පෙරේරා…

February 13, 2024 at 7:38 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිසේත් පරාජයට පත්වීමට මැතිවරණ නොතබන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේග විධායක මණ්ඩල සභික අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු අවසාන මොහොත දක්වා සියලු උපක්‍රම යොදනු ඇතැයි ද ලෙහෙසියෙන් බලාපොරොත්තු අත් නොහරින බව ද හෙතෙම සඳහන් කරයි.

අන්තිම අවස්ථාවේ ලෝක විනාශය සිදු වී හෝ සිය ප්‍රතිවාදීන්ට යමක් වේයැයි රනිල් වික්‍රමසිංහ බලා සිටිනු ඇතැයි ද ඔහු කීය.

කෙසේ වුව ද අවසාන මොහොතේ ඔහු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වනු ඇත යන්න තමන්ගේ අදහස බවයි, අජිත් පී. පෙරේරා සඳහන් කළේ.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *