බංකොලොත් යැයි කී රට සහලින් ස්වයංපෝෂිතයි..! පැරකුම් රජ දා මෙන් සහල් පිටරට යවන්න සූදානම්..!

February 8, 2024 at 10:49 am | by emanisa.lk

මෙරට සහල් ගැම්බියාවට අපනයනය කිරීම සඳහා ද්විපාර්ශ්වීය ගිවිසුමකට එළැඹීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සහ මෙරට ගැම්බියානු තානාපති මුස්තාපා ජවාරා සාකච්ඡා කර ඇත.

ලංකාව සහලින් ස්වයංපෝෂිත මට්ටමට ලංව තිබෙන බවත්, මෙවර මහ කන්නයේ දී ලැබෙන විශාල අස්වැන්නත් සමග සහල් අතිරික්තයක් ද ඇති වන බව මෙහිදී ඇමැතිවරයා කියා සිටියේය. අතිරික්ත සහල් තොග විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් සම්බන්ධව ද මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවද ඇමැතිවරයා මෙරට ගැම්බියානු තානාපතිවරයාට කීවේය.

මෙරට කෘෂි අංශ නවීකරණය පිළිබඳවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මෙරට ගැම්බියානු තානාපතිවරයා සමග සාකච්ඡා කළේය.

කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය මෙරටට ලබාදීමටද ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *