ගැසට් ගැහුවට කමක් නෑ..! පාන්වල බර කිරන්න එපා..! අපි දුවන්නේ අමාරුවෙන්…! – බේකරි හිමියෝ…

February 3, 2024 at 2:02 pm | by emanisa.lk

බේකරි කර්මාන්තය මේ වන විට සිදුකරන්නේ ඉතා ම අපහසුවෙන් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බේකරි හිමියන් 50%කට පමණ පාන් හැර අනෙකුත් නිෂ්පාදන සඳහා 18%ක වැට් බද්දක් ද තවත් 2.5%ක බද්දක් ද ගෙවීමට සිදුව ඇති බවයි.

ඉහළ යන බිත්තර මිල සමග ඉතා ම අපහසුවෙන් සිය ව්‍යාපාරය කරන බේකරි හිමියන් පසුපස පන්නමින් වධ නොදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.

මෙම ගැසට්ටුව වහා නිවැරදි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි සභාපතිවරයා, නියමිත බරට පාන් නිෂ්පාදනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය හමුවක් කැඳවා පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු බවට ගැසට්ටුවක් නිකුත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් එන්.කේ. ජයවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *