අඩු බර පාන් විකිණුවොත් වැඩ වරදී..! පාන් බර නියම කරමින් ගැසට්ටුවක්…!

February 2, 2024 at 1:34 pm | by emanisa.lk

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි අතර පාන් භාගයක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 9කට නොවැඩි විය යුතුය.

විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේ දී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *