ආණ්ඩුව සහන ලබා නොදෙන්නේ නම් විරෝධතා කිරීමට පාරට බැසීමට තමන්ට පුරුදු කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එස්.එම්. මරික්කාර් පවසයි.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, මේ වන විට තුන්වේල කෑ මිනිසුන් දෙවේලක් කන්න ද දෙවේලක් කෑ මිනිසුන් ලෙවකන්න ද හුරු වී ඇති බවයි.
එලෙස මිනිසුන් තළා පෙළමින් මර්දනාකාරී පාලනයක් ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවට ද මරික්කාර් චෝදනා කරයි.
විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.