පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar System) යටතේ 2023 වසරේ විදුලි ඒකක මිලියන 630ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ වන විට හතලිස් දහස් එකසිය හැටහයක පාරිභෝගිකයින් පිරිසක් පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය භාවිත කරන බවයි, ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා කළේ.
සම්ප්‍රදායික විදුලි භාවිත කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීම් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය සැපයීම සඳහා පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමුව තිබීම සුවිශේෂී සහ අගය කළ යුතු තත්ත්වයක් බව ද හෙතෙම කීවේය.