ජනාධිපති මන්දිරේ චිත්‍ර වික්ක ආර්යාවගේ පුතාලා දූෂණයට විරුද්ධයිලු…!

January 29, 2024 at 3:11 pm | by emanisa.lk

ජනාධිපති මන්දිරයේ තිබූ ඓතිහාසික මුල්කිරිගල චිත්‍රය ගලවා විකුණා ගත් ජනාධිපති ආර්යාවගේ පවුලේ උදවිය දූෂණයට එරෙහිව දේශපාලනය කරන බව පාඨලී චම්පික රණවක පවසන බවයි.

“ඒ කාලේ අපේ මහා බ්‍රිතානයේ තානාපති ෆයිස් මුස්තාපා මහත්මයා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියාම මුල්කිරිගල ඓතිහාසික චිත්‍රය දැක්කා. එතුමා අඳුර ගත්තා මේ චිත්‍රය. ආර්ට් කලෙක්ටර්ගෙන් ඇහුවා කොහෙන්ද මේ චිත්‍රය ගත්තේ කියලා. ඔහු කිව්වා පවුම් 35,000 අහවල් ආර්යාවගේ බෑනාගෙන් ගත්තේ.

අදටත් ඒගොල්ලෝ මේ රටේ දේශපාලනය කරනවා. දූෂණය නවත්වන්න කතා කරනවා. මම මේ කිව්වේ පුංචි සිද්ධියක්. රටේ මුකුත් ප්‍රශ්නයක් ඒ ගොල්ලන්ට වෙලා නැහැ. මුල්කිරිගල චිත්‍රය ඓතිහාසික චිත්‍රයක්. ඒ චිත්‍රය පස්සේ අරලියගහ මන්දිරයේ තිබුණා.

මම දන්නේ නැහැ ඒක දැන් තියනවද කියලා. අර මහත්මයාගේ සහ ෆයිස් මුස්තාපා මහත්මයාගේ මැදිහත්වීමෙන් තමයි යන්තම් ඒ චිත්‍රය නැවත අපිට ලැබුණේ. ඔය ජනාධිපති මන්දිරයේ තිබිච්ච බොහෝ දේවල් එක එක කාලවල අතුරුදහන් වුණ බව බොහෝ දෙනා දන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *