රතු මුහුදේ අර්බුදය ලංකාවට ඉල්ලමක් වෙයි…! ආරක්ෂාව පතා නැව් පෝළිමක් කොළඹට…!

January 28, 2024 at 6:38 pm | by emanisa.lk

මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරායට ළඟා වන නෞකා ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලුම් මෙහෙයුම් ධාරිතාව ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය හේතුවෙන් රතු මුහුද හරහා සූවස් ඇල ඔස්සේ යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවවලට සිදුව ඇති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නෞකා කොළඹ වරායට ගෙන්වා ගැනීමට නෞකා සමාගම් පෙළඹී ඇති බවත් මෙම හේතුවෙන් අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සපයා ඇති බවත් ඇමැතිවරයා කීය.

ඊට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10ක් පමණ රැඳී සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කළේ, අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *