අවලෝකිතේශ්වර මානසික රෝගියෙක්..! මනෝ වෛද්‍ය නිර්දේශ මත අංගොඩට..!

January 24, 2024 at 7:16 pm | by emanisa.lk

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබේ.

එහිදී මෙම සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව සැකකරුට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසත් අධිකරණය නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *