අවලෝකිතේශ්වර ඊජිප්තුවේ බල්ලො බලාගත්ත කෙනෙක්…! තමන්ගේ දුවත් අපයෝජනය කළ උන්මත්තකයෙක්..!

January 11, 2024 at 9:39 am | by emanisa.lk

බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටින තැනැත්තා බුදු රජානන්වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට යැයි පවසමින් ශරීරයට ගිනි තබාගන්නා ලෙස තම අනුගාමිකයින් වෙත ප්‍රකාශ කරන බවට බලංගොඩ කාශ්‍යප හිමි චෝදනා කරයි.

පසුගිය කාලසීමාවේ දී මෙවැනි අනුගාමිකයින්ගේ දේශනවලට සහභාගීවූ පුද්ගලයන් විවිධ මාර්ග භාවිත කරමින් සියදිවි නසා ගැනීමට පෙළඹුණු බැවින් එවැනි තත්ත්වයක් යටතේ අවලෝකිතේශ්වර කෙරෙහි විස්වාසය තබන අන්ධ භක්තිකයින් විසින් සිරුරට ගිනි තබා ගැනීමට පෙළඹුනහොත් මෙය අපරාධමය වරදක් වන බව එහිමියෝ පෙන්වා දෙති.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට ප්‍රථම මොහු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් අංශ දැනුම්වත් කළ නමුත් මේ සම්බන්යෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගත් බව ද උන්වහන්සේ පැවසූහ.

ඔහුගේ ම දියණිය අපයෝජනයට කළ නිසා බිරිඳ විසින් නිවසින් පන්නා දැමූ මෙම පුද්ගලයා විසින් තමා අභිනිෂ්ක්‍රමණය කළ පුද්ගලයෙක් බවට හුවා දක්වමින් ඇති බවයි, කශ්‍යප හිමි ප්‍රකාශ කළේ.

“අවලෝකිතේශ්වර කියන්නේ ඊජිප්තුවේ බල්ලො බලාගත්ත කෙනෙක්. ලංකාවටවත් එන්න සල්ලි නැතුව මිනිස්සුම එකතුවෙලා තමයි ලංකාවට ගෙන්න ගන්නේ. මෙහෙම කෙනෙක් පස්සේ තමයි මේ අන්ධ භක්තිකයො, මෙහෙණින් වහන්සෙලා එහෙම වඳින්නේ.

මොහු ථෙරවාදී සම්ප්‍රදාය විවේචනය කරමින් මහායානික අදහස් ඉදිරිපත් කරමින් බුදු දහම විකෘති කරනවා. මේ බෝධිසත්වයෙක් නොවෙයි, මානසික විකෘතියකින් පෙළෙන පුද්ගලයෙක්. ඒ හින්දා වහාම මොහු මානසික ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *