හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ ද රුපියල් ලක්ෂ නවයක විදුලි බිලක් නොගෙවා ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.
හිටපු ජනාධිපති බිරිඳගේ විදුලි බිල පසුගිය අගෝස්තු සිට මේ දක්වා මාස 06ක කාලයක් සඳහා ගෙවිය යුතුව තිබෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
රට පුරා අසරණ මිනිසුන්ගේ නිවෙස්වල ඉතා සුළු විදුලි බිලක් නොගෙවීමේ වරදට විදුලිය විසන්ධි කර ඇති අතර හැකි නම් ශිරන්ති රාජපක්ෂගේ නිවසේ විදුලිය විසන්ධි කර රටට පෙන්වන්නැයි ඔහු අමාත්‍ය කංචන විජේසේකරට අභියෝග කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට හා විදුලි බල පනතට එරෙහිව විදුලි බල මණ්ඩලය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ අවස්ථාවට එක්වෙමිනි.