CCTV දඩකොළ නීතියට ගැමුණු විරුද්ධයි…!

January 22, 2024 at 9:11 am | by emanisa.lk

රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේ නම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි, ඔහු අවධාරණය කළේ.

ත්‍රීරෝද රථ ඇතුළු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම හේතුවෙන් බස් රථ ධාවනය ගැටලුවක් වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළවෙළ අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *